Thursday, July 28, 2011

හෙට අලුත් දවසකි

 

 

 

 

 

සොඳුරිය
නව සඳ එළියෙ කිමිදෙන
රැයක් නොවේ මෙය
මහම මහා දවාලකි
පුරුදු හිරු ම ගිනි රස්නෙ පිඹින

පිරුවට ඇතිරූ
මංගල යහන නොවේ මෙය
පැල්ලම් පිරිණු
කහගැහුණු
චිරිස් බිරිස් ගා හඬ නගන
බොහෝ දෙනෙකු නැගි
කඹල් ඇදකි මෙය

ඔව්,
අපේ ප්‍රේමයට
කුළුඳුල් ඉමක් නොවේ මෙය
මගේ පළමු
ශුක්‍රානුවද නොවේ
ස්ත්‍රී ඩිම්භයක් සොයා යන
කුමට
පිරිශුද්ධත්වයක්
සොයමින් වෙහෙසෙන්නේද
තබමු තිත
ඉදින් අප දෙදෙනවත්

කුමටද
අපට සුද පිරියම්
මොහොත මනරම්නම්

මගේ හදවත් සුසානේ
රැසක් ඇත
මිය ගිය පෙමිවතියන්ගේ
සිහිවටන

ඔබේද එසේ වන්නට පුළුවන

ඔබගේද
මගේද
සිරුරු තෙරපෙන්න ඇති
තවත් බෙහෝ සිරුරු අතර

මේ මොහොත අපේ නම්
ඉඳින් කුමටද තවත්
පිරිශුද්ධත්වයේ
මොහොතක්

සක්ක
නොතබමු අපිවත්
ගරාවිටිය යුතු
මන්දිර පවුරු වලට

ඔබ මගේ
තිස්පස්වැනි පෙම වන්නට පුළුවන
මම ඔබගේ
විසිපස් වැනි පෙම වන්නට පුළුවන
පිරිශුද්ධත්වයේ පරළු සළු
ගලවා ඉවතහල මොහොත
ප්‍රේමයේ
කුළුදුල් මොහොතකි
නිවුම් මොහොතකි

මහ බර පිරිශුද්ධත්වයේ සලු ගලවා තබා
නිරුවත් වෙමු අප දෙදෙන
සන්තර්පණය කරමු
අප සිරුර
සූරතාන්තය පත් කරමු
අපගේ හඩා වැටුනු ප්‍රේමය

සොඳුර
හෙට
අලුත් දවසකි
අපේ දවසකි
ප්‍රේමයේ දවසකි

No comments:

Post a Comment