ජීවිතයට 3580 /- සර්

ජීවිතයට  3580 /- සර්


ජීවිතය හොයා ගෙන යන්න ඕනේ බං... මේහෙම හිටියොත් අපි එකම තැනට මුල් ඇදලා දිරලා පරඩැල් වෙලා කුණුවෙලා යනවා"

මේ ළඟදි දවසක අඳුරු සැදෑවක කොණකට වෙන්න මදුවිතක් තොල ගාමින් සිටි මගේ මිත්‍රයා කිව්වේ බොහොම බරපතල විදිහට. කොහොමත් මතින් වැඩි වෙන්න වැඩිවෙන් තව තවත් නිහඩ වෙන මම , හිටිය ලෝකයෙන් ඒ කියපු කථාවත් එක්කම පියවි ලෝකයට ආවා.

ඔව් මචං අපි දන්නෙත් නැති විදිහට අපේ ජීවිත අයාලේ ගිහින්. පුංචි දවස් වල හීනනම් කොච්චර නම් කොච්චර තිබුනද මටත්. සමහර ඒවා ඒ කලෙදිම ඉවර වෙලා ගියා. තවත් ඒවා එක්ක අරගල කරලා කරලා හති වැටුනට පස්සේ අතහැරලා දැම්මා. තවත් ඒවත් එක්ක ජීවත් වෙලාම හීනේ මුල මට අමතක වෙලා. සමහර හීන එළිවෙන ඈසිල්ලෙම කැඩිලා බිඳිලා විසිරිලා ගියා.
හිස් පහළට දමා ගෙන මමත් කියවගෙන කියවගෙන යනවා. අවට වටපිටාව මොහොතකට මට අමතක වෙලා. එකත් හොඳයි. තප්පරයක් විතර අපි දෙන්න අතරම නිහඩ තාවය බිඳිමන් මම ආයෙත් කථාකරන් ගත්තා.
මම මචං ජීවිතේට ගගක් වගේ කියන්නේ නෑ. අපි ගඟක් වෙන්න තරම් පිං කරලත් නෑ. එහෙම කඳුහෙල් අතරින් වුනත් නිදහසේ ගලන තරම් අපිට නිදහසකුත් නෑ. අපි ගඟක් වුනොත් එකත් එකම තැන තිබිලා පල්වෙලා යනවා. ඒක නිසා මගේ ජීවිතේනම් ගඟක් නෙවෙයි. අපේ ජීවිත හිරියට එහෙම් පිටින්ම අතහැලා දාපු වගාබිමක් වගේ වෙලා. බිම සම්පූර්ණයෙන්ම කැලෑවෙන් වැහිලා. ඔය තැනත දෙකක හොද ඵලදාව තියෙනන ගහක් දෙකක් තියෙනවා. ඒත් එකෙනුත් වැඩක් නෑ. කුරුල්ලන්ට විතරයි. හැබැයි හොඳ වගාවක් තිබුණා කියලා සළකුණු තියෙවා මචං. මමත් බොහොම හැඟීම්බරව කියවගෙන යනවා.

ඔව් .අපි ජීවිතේ කියලා, ජීවත් වෙන්න කියලා පොරබදලා තියෙන්නේ ජීවිතේ එක්කනම් නෙමෙයි. එහෙම වුනානම් මෙ වෙද්දි අපිට අපේ ජීවිත වලින් අංශ්‍රමාතයක් හරි හමුවෙලා තිවෙන්න ඕනේ. අපිට වෙලා තියන්නේ තිබුණු අංශුමාතයත් අහිමි වීමක්. අහිමිවීම තමයි අපේ ජීවිතය වෙලා තියෙන්නේ. ජීවිතේ ලැබිලා තියෙන්නේ මොනවද කියලා කල්පනා කරන වෙලාවට අහිමි වුන දේවලා කල්පනා කරාම ලේසියි ලැබිච්ච දේවල් හොයාගන්න. අවසානයෙදි අපි හුන්ඩුවක් විතර පුංචි අවකාශයන තනිවෙලා හිරවෙලා. උඹ දන්නවාද තමන්ට තමන් හුස්ම ගන්න වැටෙන හඩ ඈහෙන එක තරම් කාලකණ්නි හැඟීමක් මේ ලොකේ තියෙනවා කියලා මම හිතන්නේ නෑ . ඒ කියන්නෙම අපි කොච්චර තනිවෙලාද කියන එක. මේ වෙලාවෙත් අපි දෙන්න කොච්චර කථා කලත් අප ඉන්නේ තමන්ගේ ලෝක වල තනිවෙලා විඳවන ගමන්.

මල්ලි අපිට තව භාගයයි... සිගරුට් 5 යි. අසලින් ගිය වේටර් මල්ලිට මම කිව්වෙමි.

දැක්කද උඹ???? මම කිව්වේ උඹයි මමයි දෙන්නම මේ කථා කලාට ඉන්නේ මෙතැන නෙමෙයි කියලා. උඹයි මමයි දන්නෙම නැතිව මෙතන තිබ්බ බාගෙ ඉවර කරලා. අපි විඳවනවා සහෝදරයා. සමහරු මේ විඳවීම සතුටකට හරවගෙන හිනා වෙනවා. උඹයි මමයි දෙන්නම ඒ විදවීම අරක්කුවලින් පුච්චන හදනවා. බලපන් මෙතැන ඉන්න හැමෝම කරන්නේ ඕක. අපි හැමදාම අරක්කු ටික බඩට හලාගෙන හිස් බෝතලය කඳුලු වලින් පුරෝනවා. ඒත් කාටවත් පෙන්නේ නෑ. අඩුම ගානේ උඹ කඳුලු මට පෙන්නෙත් නෑ... මගේ කඳුලු උඹට පෙන්නෙත් නැ. හමෝම හිතන්නේ පිරිමි අපි අඩන්නේ නෑ කියලා බං. ඒත් පිරිම් තමයි මේ ලෝකේ වැඩියෙන්ම අඩන්නේ.

ගොඩක් වෙලා නිහඩව අහං හිටපු මම අයෙත් කථා කරන්න ගත්තා.

එයා බලං ඉන්නවා මම ජීවිතේ අරං කොයිම මොහොතක හරි එයි කියලා... මම බලාගෙන ඉන්නවා කොයිම මොහොතක හරි එයා ජීවිතේ අරං එයි කියලා. අපි දෙන්නට දෙන්න දෙපැත්තකට වෙලා බලං ඉන්නවා එකිනෙකා ජීවිතේ අරං, අපිව හොයාගෙන එයි කියලා. තවත් එක තැනට වෙලා පල්වෙන්න බෑ... කුණු වෙන්න බෑ.... අපි අපේ ජීවිත හොයාගෙන යන්න ඕනෙ. ආයේ අතුරුදහන් වෙන්න බැරි වෙන විදහටම හොයාගන් ඕනේ.

මට මගේ ජීවිතේ අරං නිදහසේ අරං අත්තටු ගහන්න ආසයි.

හැබැයි එක හිතන තරම් ලේසි නෑ මගේ මිත්‍රයා. ජීවිතේ හොයන්න ගියාම ගොඩක් දේවල් නැතිවෙනවා. හැබයි උඹට උඹේ ජීවිතේ හමුවෙනවා. සිද්ධාර්ථ ජීවිතේ හෙව්වේ නැත්නම් රජකෙනෙක්....සන්තියාගෝ ජීවතේ හෙව්වෙ නැත්නම් පල්ලියක පියතුමෙක්. හැබැයි ඒ සියල්ල අතහැරලා ගිය නිසයි ජීවිතේ හොයාගන්න පුලුවන් වුනේ. මට සිද්ධාර්ථ වෙන්න බෑ. මම සන්තියාගෝ වෙනවා. නිධානේ නැති වුනත් ෆාතිමා මට මට මුණගැහෙයි. එය බලාගෙන ඉන්නවා මම එනකන්. මම මගේ ජීවිතේ හොයාගෙන යනවා. ඒක තවමත් හුස්ම වැටෙවා ඇති කියලා මම හිතනවා. මම තිර අදිටනින් කිව්වෙමි.

මල්ලි අපේ බිල කියද?
3580 /- සර්

1 comment:

  1. ජීවිතේ ගැන සංවේදී කියවුමක් හම්ම්ම්
    මේ ලිපිය තුළින් විශාල වශයෙන් රිනාත්මක සිතුවිලි ගලා යාමක් දැක්කා.
    Don't Ever give up!
    Life is not to the people who give up very easily :)

    ReplyDelete