Monday, July 11, 2011

ඇය

 
 
 
 
 
 
 
 
ඇය පැහැපත්ය
බුහුටිය
සිනාව සිත්කළුය
ගමන මනරම්ය
ළැම දෙබැම නිතඹ
සිත සිලිත කරවන සුලුය

ඉතිං මම
ඇය අසලටම ගොස්
"ඔයා ලස්සනයි" කීවෙමි

ඇයගේ
දෑස් විසල්විය
සිත් නැලවූ සිනාව
සැනින් පලා ගියේය

ඇය
රැව්වාය
ගෙරෙව්වාය
ඉන්පසු
දිව්වාය

මම
උඹ බැලීමි
බිම බැලීම
ආපසු හැරීමි

ඇය යළිත් ආවාය
තනිව නොව ඇගේ
පෙම්වතා සමග
ඇය ආවය

ඔහු මගේ
උරහිසින් අල්ලා
හෙල්ලීය
ගෙරවීය
ඉන්පසු මූහුණට කෙලීය

දෑන් මගේ
නහය
බිදී සිදී කැඩී
ලේ
මගේ කමිසයට පෙරයි

නැවත් මම ඇය දෙස බැලීමි
ඇත්තටම 
තවමත් ඇය
පැහැපත්ය
බුහුටිය
සිනාව සිත්කළුය
ගමන මනරම්ය
ළැම දෙබැම නිතඹ
සිත සිලිත කරවන සුලුය

කොල්ලෙක් මට හූ කීය
මම ඌට මැදැගිල්ල
උඩට කර පෙන්නීය

No comments:

Post a Comment