Wednesday, November 4, 2015

සීත සෘතුවට පෙර



















මේ බැමි ලිහිල්කර දමා
ප්‍රේමයේ හිස් පෙදෙස මත
දිගාවිය යුුතුය අප
තවත් කලා නොයවාම
සම සමව බෙදාගන්නට

මේ එ්කපාර්ශික ප්‍රේමය
බොහෝ කල් ගෙවී ඈත
බොහෝ දුර ගෙවා ඈත
තවත් කලා නොයවාම

ඔබ අද අදම පැමිණිය යුතුය ඈත
රම් සහ විස්කි මත
ජින් සහ රතු වයින් මත
සුරැට්ටු සහ සූස්ති අතර
රැදවූ ඒකපාර්ශික ප්‍රේමාංගන
සම සමව බෙදාගැනීමට කාලය පැමිණ ඈත

තවත් එක් වසන්තයක නිමාවේ අග
ඒකපාර්ශික ප්‍රේමය
ද්විපාර්ශික හෘද සහ සරීර ස්පන්දයේ උණුසුමින්
ප්‍රේමයේ හිස් පෙදෙස මත දිගාවී
එ් ප්‍රේමය සම සමව බෙදාගන්න
ප්‍රේමිය ඔබ සහ මම
දින දැන්ම වෙන්කර ගත යුතුය
සීත සෘතුවට පෙර

Wednesday, May 13, 2015

සමදරා දැන් නගිටලා එන්න













සමදාර
දැන් සියවසක් ගෙවිලා
අලුත් මල් පිපිලා
අලුත් සුවදක් දෙතෙල් මත තවරන්න
දැන් ඉතින් එන්න නැගිටලා

මහා සුළි කුණාටු අතර
ඔබ උන්නා නිහඩව නිසල
සමදරා දැන් ඇති
සිහින අතර හිනැහුනා
අලුතේ ජීවිතේ පටන්ගන්න
මකුලු දැල් වලින් සුසැදි සයනයෙන් නැගිට
සහස්කල් නිද්‍රාවෙන් අවදිව එන්න

හද කුහර තුල නැගුණු
ආදරයේ උණුසුම්ම හැගුම්
තලෙලු සුදු සිරැරැ මත තෙරපන්න
කාලය හරිය
මොහොතක පමාවකට ඉඩ ෙනාතබා
දැන් ඉතින්  අවදි වන්න

රෝස පැහැ දෙතොල්
සිනාවෙන් මුවාවෙන කොපුල් මත
අලුත් හුස්මක පාට තබන්නට
සියවස් නිද්‍රාවට තිත තබා
සමදරා දැන් ඉතින්  තටුගසා
පියඹලා එන්න
අලුත් අහස්කුස තුළ ගැබ්බර වන්න