Monday, February 13, 2017

ඔබ හිදී නොසෙල්වී

දැනෙන විට පවා
හදවතට
අල්ගෝවේ කන්ද
තරම් මහ බරක්
ඔබ උන්න
නොසෙල්මන්ව
මගේ දෑතත්
තවත් උණුසුමින්
ගුළිකරන්

නිම්නයේ අවසන්ම
විදුලි බුබුලත්
නිදබරව ඈනුම් අරිනතුරැම
දකුණු නිම්නයේ කදුඅතරින්
හමා එන සීතල
සුලගටම මුහුණත්ව
රැයවල්ම කීයක්ම
ගෙවුනිද
කතා දහ  දාහකටත් වඩා
මේ බැල්කණිය උඩම

අතරින් පතර කථාවල
වේගය උස්ව පහත්ව මෙහොතවල
ඔබ කීවා
තරහ ගන්නේ නැතිව
කථාකරමු
මුනිවර සමාධියෙන්.

සංසංර බෑදීමේ
අන්තරායි කොටසක පවා
ආදරය තැවරෑ
ඒ ප්‍රේමාලිංගන අතර
බොහීමියානු සංචාරයක
මගේ හිතට
මුනිවර සමාධිය කැටුව හා ඔබ
අනන්තයි
ඔබ නොසෙල්වෙයි.