Wednesday, November 4, 2015

සීත සෘතුවට පෙර



















මේ බැමි ලිහිල්කර දමා
ප්‍රේමයේ හිස් පෙදෙස මත
දිගාවිය යුුතුය අප
තවත් කලා නොයවාම
සම සමව බෙදාගන්නට

මේ එ්කපාර්ශික ප්‍රේමය
බොහෝ කල් ගෙවී ඈත
බොහෝ දුර ගෙවා ඈත
තවත් කලා නොයවාම

ඔබ අද අදම පැමිණිය යුතුය ඈත
රම් සහ විස්කි මත
ජින් සහ රතු වයින් මත
සුරැට්ටු සහ සූස්ති අතර
රැදවූ ඒකපාර්ශික ප්‍රේමාංගන
සම සමව බෙදාගැනීමට කාලය පැමිණ ඈත

තවත් එක් වසන්තයක නිමාවේ අග
ඒකපාර්ශික ප්‍රේමය
ද්විපාර්ශික හෘද සහ සරීර ස්පන්දයේ උණුසුමින්
ප්‍රේමයේ හිස් පෙදෙස මත දිගාවී
එ් ප්‍රේමය සම සමව බෙදාගන්න
ප්‍රේමිය ඔබ සහ මම
දින දැන්ම වෙන්කර ගත යුතුය
සීත සෘතුවට පෙර