Thursday, June 16, 2011

මූනිස්සම කථා කරයි















සිහින එකින් එක පුපුරවා
ඇට මිදුළු අතරින්
උණුසුම් රුධිරයේ නැහැවෙමින්
තැවරි තැවරී
ඉස් මස් නහර පලා යන්න
මොකටද රාළහාමී නියෝග
නේද??

කොකාට දඹරගිල්ල
මූනිස්සට පළමු මස් වැදල්ල
හරි ෂෝක්
නේද රාළහාමි
සෙල්ලම ???

ස්ව්‍යංකීය කියන්නේ
Automatic නේද
රාළහාමි
කුමට නියෝගද
ඉබේම කුඩකර හැරෙයි ඉහමොළ
නේද රාළහාමි


ආයේ ෂුවර්මයි
අත්දුටුවයි
කැපයි
රාළහිමි
නියෝග ඕනේ නෑ
තරු පටි ගැලවෙන්නෙත් නෑ
නිදහසේ ඉහමොළ කුඩු කරන්න
ප්‍රර්ථනා කරන්න
ඊළග ආත්මයේ
T56 මූනිස්සමක් වෙන්න

ෂා.... මරු නේද රාළහිමි

No comments:

Post a Comment