Thursday, June 16, 2011

රත් මල් යායය බිමට පාත් කොට

 
වැට පැන්න හරක් ගාලක්
මගේ මිදුලේ හැම තැනම

උන් මගේ පීදෙන්න
ඔන්න මෙන්න තිබූණු
රත් කෙසෙල් ගසද බිම දමා
පතුරු ගසා සී සීකඩ

රතු පසින් උරාගෙන සාරය
මිදුල මැද සැරසූ
රත් මල් පොකුරු පිරි
රත් මල් යායය බිමට පාත් කොට
උන් එඋඩ ලැග ගෙන

පිඹිනවා රවනවා
අනින්න පනිනවා
මගේ මිදුලේ මැදම සිට
උන් මටම

හරක් හිමි බලබතා
බලනවා
බලනවා
බලනවා
හරක් දෙස
ගණිනවා ගණිනවා
රැළ හරිද දැන ගන්න

වැට පැන්න හරක් ගාල
තවම මගේ මිදුල මැද
 

No comments:

Post a Comment