Thursday, June 16, 2011

හඩගා කියන් නිදහසේ කවිය













නිල් අහස තවමත් අයිති නුඹලාට
තටු පොරවන් කූජිතව උන්නාට
පියඹා වරක්
විඳලා බලන්
අමතකව කුටුම්බයේ සිරකල
නිදහසේ සුවය

ඇසිල්ලක් ඇසිල්ලක් පාස
සවනේ රැව්දෙන අධර්මයේ
ප්‍රස්ථි ගී පරයා නැගෙන
මොහොතක නැගෙන කාහල නාදය
සුවය කෙතරම් සොඳුරද

පියඹා බලන් එක්වරක්
හඬගා බලන් එක්වරක්

අහසේ ඉහළට නැග
පෙන්වපන්
නිදහසේ සුවය
කූජිතව නිදන දනට

හඩගා කියන් නිදහසේ කවිය
පරයා අධර්මයේ හඬ

පැටවුන්ට කියන්
අසිරිය
උනුන්ට දියන් උනුන්ගේ අයිතිය
නිදහස් ලොව සොය තටු ගසන්නට
රිසි ලෙස සැරි සරන්නට

හඩගා කියන් නිදහසේ කවිය
පරයා අධර්මයේ හඬ

No comments:

Post a Comment