
ගෙවී ගිය එක් වස්සානයක අග දිනක
මම ඇයට සම්මුඛව සිටගතිමි
ඇගේ දෑස් දිලිසෙමින් තිබුණි
හුදකලා නිම්නයේ කෙහේෙදා සිට හමා ආ
සිහින් සුලං රැල්ලක මුසුව
අනවසරවෙන්ම ඇගේ නළලතට පැමිණි
සිහින් වැහි බිදුවක්
හිමින් සීරුවෙ රෑටා යමින්
ඇගේ ඇහි පිහාටු අතර මදක්
ගිමන් හරින්නා සේ රැදී
අතුරුදහන් විය
මම ඒ නිල්වන් දෑස් ගැඹුරේ
කිමිදෙන්නට උත්සහ කෙළෙමි
ඇය නිසලවම
සිහින් සිහනවක්ද සමග
ස්ථීර ලෙස උන්නාය
අපගේ දෙවන හමුවීම නිමා වූයේ එළෙසය.
කාල නිච්චිය කොපමනදැයි නොදැනුනත්
දිනක් හදිසියේම
එ් නිල්වන් දෑස්
මා අභිමුව විය
මම මගේ හෘද සන්තානය
ඇයට නිරාවරණය කරන්නට තීරණය කර
ඇෙග් දැස් ගැඹුරේ කිමිදෙන්නට උත්සහ කළෙමි
ඒ දෑස් එදා මෙන්ම
නිසලවම
සිහින් සිහනවක්ද සමග
ස්ථීර ලෙස උන්නාය
මම කිසිත් නොකීමි
අපගේ අවසාන හමුවෙන් පසුව
ආලෝක වර්ෂ කීයක් ගතවී ඇත්දැයි
නොදනිමි.
හදිසියේ හිදහිටක තවමත්
පාලු රාත්‍රියක දෑස් මස්ථකයට පර්දාර වන
ඒ දෑස් පෙර ලෙස
නිසලවම ස්ථීර ලෙස උන්නාය
ලැවෙන්දරා සුවදක් රැගෙන
නිම්නයේ හුදකලාව අතරන් ආ
සිහින් සුලං රැල්ලක්
ඒ ඇස් යළිත් මා ඉදිරියට සම්මුඛ කරවීය.
" මේ හුදකලාවටත්, ඔබටත් මම ආදරෙයි "
No comments:
Post a Comment