Thursday, September 15, 2016

යසෝදරා දැන් ඉතින් සමාවෙලා




යසෝදරා 
දැන් ඉතින් සමාවෙලා 
සදලු තලයෙන් බැස 
එන්න මා එක්ක
රයින් ගං වෙරලේ 
හිරැ බැසයන
නිහඩ කාක නිල් පැහැති
සැදෑවක තනිවෙන්න

මෙතුවක් කල්
දරා සිටි හෘද පීඩන
දුම් ගැසුනු මන්දිරයටම දමා තනිකර එන්න
ඔයා කැමතිම
ලා කහ පාට දුහුලු
බෝරිච්චි කොට ගවුමෙන් සැරසී එන්න

අත් වැල් පටලා
නොගිය මං මාවත් වන අයාලේ ඇවිදින්න යන්න
ජීවිතයට හැම වේලේම
තේරැම් හොයන්නම ඕනේ නෑ
යාසෝදරා

ගැලපීම් නොගැලපීම් ගැන
ජීවිත අරැත් පිළිබද
තේරැම් බේරැම් කරගන්න
කාලයට ඉඩ දෙමු
අහිමු වූ ප්‍රේමාංගනයෙන්
ආතුර වෙමු.
ආදරයට කැමති ලෙස
අයාලේ වැඩෙන්නට
ඩිංගිත්තක් ඉඩදෙමු.

සර්ව රාත්‍රික ප්‍රේමාංගන අතර
සිරැරැ මත සිරැර සැතපෙන්න ඉඩහරිමු යසෝදරා
ජීවිතයේ යටි පෙළ අරැත
පහදන්නට ජීවිතයටම ඉඩදෙමු.

No comments:

Post a Comment