Thursday, September 15, 2016

ඒ අදුරු "ජූලියට" ආදරය විතරක් ඕනෑකර තිබේ




නගරයේ තාප්ප කැඩී ඇත. 
සයිකල් පාත්ද වැටී ඇත. ​
පෙට්ට් කඩහැලී අැත.
සීසීටීවී කැමරාද ඇත.
හැමතැනම කැමෆ්ලාජ්ද අැත.
කහ ඉරි , ට්‍රැෆික් ලයිට්  තිතට ඇත.
විහාර මහා දේවියටත් ගාඩ් එකක් ඇත.
ඒ විතරක් නොවෙයි
ඉන්ඩිපෙන්ටන්ට් ආකේඩ්ද ඇත.

ඒ සියල්ලටම වඩා
මේ නුවර මහා හිස්කමක් අැත.

එනුවර තවමත් අස්සක් මුල්ලක් නෑමර
ලේ පිළී ගදය.
දශක ගණනක් තිස්සේ
කෙදිරිලන සහෝදර ප්‍රාණයන්ගේ
අවසන් හුස්මලන හඩ
ඒනුවරට ඉහළ ආකාශයේ සැසරමින්
යුක්තිය පසිදලනු තුරු දෑස් දල්වා සිටී.
ඉතිහාසය ඒ මහා ගනදුර තවමත්
මේ නුවරින් පහව ගොස් නැත.
තවමත් තැන් තැන්වල පිසාචයන්ගේ
කන් පසාරැ කරනා
සහෝදර හදවත් දෙපළු කරනා
හඩවල් එමට ඇත.

ඇත්තටම
එනුවර "අනතුර"
තවම පහව ගොස් නැත.

ඒනුවරට ආදරය විතරක් ඕනෑ කර තිබේ.

ඇත්තටම ආදරයට පමණකි.
කොළඹට, අපට , ලංකාවට , ලෝකයට
විතරක් නොවෙයි ඒ අදුරු "ජූලියට"
ආදරය  විතරක්  ඕනෑකර තිබේ.
නිර්මාල් ඒකනායක
( මේ ග්‍රෑෆක් තථාවේ ඇත්තේ ඒ ආදරයේ හිස්කමයි)

No comments:

Post a Comment