Wednesday, May 2, 2012

පරණ පෙම්වතී ලියමනක් එවා ඇත අද























ඔබ හොදින්ද
තවමත් බීර බෝතලේ ආදරය අමෘතද
තවමත් ජීවිතය නිශාචරද
දැන්වත් කීයක් හෝ ඉතිරි කරළද

ඇය ලියා ඇත අග මෙලෙස

ඔබ ලියන කවි කියවා
මා ප්‍රිය සැමියා
කෝප වී දොස් තියනවා
ඔබ තවම ආදරය කරනවාලු මට
අනේ හැකිනම් නවත්තන්න
කට ගෙන්නක් බීගෙන ඔය ලියන ලියවිල්ල

පිළිතුර අද තැපැල් කළා මම

සුදු කොලයක් දමා
ලියුම් කවරයක
එදා වාගෙම අදත්
පිළිතුර ඇයට කැමති ලෙස
ලියා ගැනුමට

1 comment:

  1. මොනවා උනත් පරණ පෙම්වතියගේ සැමියා බ්ලොග් කියවන එකට නම් සතුටු වෙන්න ඕනා

    වෙන් වෙලා ඉන්න දෙන්නෙක් වෙන් උනාට කරදර හිත් තැවුල් ඉවර වෙන්නේ නෑ කියන එකට මේක නම් හොඳම උදාහරණයක්

    ReplyDelete