අප උපදින්නේ
පරපුරක්
ටයරු සෑමතම
දැවී අලුවී යන සමයකය
පයතබා දනි පනි
ගහන සමය එළබන්නේ
පය තිබෙන උන්ටත්
ඇවිද යනු නොහැකි යුගයක
අකුරු එකිනෙක අමුණා
බහතෝරන වයස පැමිණෙන්නේ
වචනයක් තේරීම
මාරාන්තික වන සමයක
ආදරයය දලුලන
නව යොවනු විය පැමිණෙන්නේ
ආදරයේ අකුරුත් විකීණී
හන්දිගානේ රස්තියාදු වන යුගයක
ඉන්පසුව එළැබෙන සමය
එළබෙන්නේ
අපේ උන් තවත් දහස් ගණනක්
වලපල්ලට යවා
සිටන උන් ගල් ගැසුනු පසුවය
එතැන් සිට එළබෙන යුගය
විහාර මහා දේවියේ
පෙම්වතුන් නැත
සෑම බංකුවක් මත
කපුටු වසුරු පමණක්මය
ඒත්
ඒ අවට
සිකුරිටිලා ඇත
කොළඹ කැම්පස්
අයිනේ මග දිගට
තාප්ප වැට කඩොලු නැත
බැරියර් මුරකාවල්ද නැත
ඒත්
ඒ හැමතැනක
සීසීටී කැමරා ඇත
බොරුල්ල හන්දියේ
ග්‍රීන් පාත් වටරවුමේ
පබ්ලික් ලයිබ්‍රරියේ
ටොරින්ටන් චතුරශ්‍රයේ
මහ සෙනගත් ඇත
ඉර අවරට යන හැම හවස
ඒත්
ඒ කිසිතැනක
අපේ උන්නැත
දැන් මේනුවර
පෙට්ටිකඩ නැත
පාර ළග හිද
යාර තේඑක
දෙකට කඩා බිව්
ඇත්තටම ඒ ආදරේ නැත
No comments:
Post a Comment