Thursday, September 15, 2016

ආදරය අහිමි යුගයක ඉපදීමේ කරුමය හෙවත පණපිටින් වැළලීම

අප උපදින්නේ 
පරපුරක් 
ටයරු සෑමතම 
දැවී අලුවී යන සමයකය

පයතබා දනි පනි 
ගහන සමය එළබන්නේ 
පය තිබෙන උන්ටත්
ඇවිද යනු නොහැකි යුගයක


අකුරු එකිනෙක අමුණා
බහතෝරන වයස පැමිණෙ​න්නේ
වචනයක් තේරීම 
මාරාන්තික වන සමයක

ආදරයය දලුලන 
නව යොවනු විය පැමිණෙන්නේ 
ආදරයේ අකුරුත් විකීණී
හන්දිගානේ රස්තියාදු වන යුගයක

ඉන්පසුව එළැබෙන සමය
එළබෙන්නේ 
අපේ උන් තවත් දහස් ගණනක් 
වලපල්ලට යවා 
සිටන උන් ගල් ගැසුනු පසුවය 

එතැන් සිට එළබෙන යුගය

විහාර මහා දේවියේ
පෙම්වතුන් නැත
සෑම බංකුවක් මත
කපුටු වසුරු පමණක්මය
ඒත් 
ඒ අවට
සිකුරිටිලා ඇත


කොළඹ කැම්පස් 
අයිනේ මග දිගට
තාප්ප වැට කඩොලු නැත
බැරියර් මුරකාවල්ද නැත
ඒත් 
ඒ හැමතැනක
සීසීටී කැමරා ඇත

බොරුල්ල හන්දියේ 
ග්‍රීන් පාත් වටරවුමේ 
පබ්ලික් ලයිබ්‍රරියේ
ටොරින්ටන් චතුරශ්‍රයේ 
මහ සෙනගත් ඇත 
ඉර අවරට යන හැම හවස
ඒත් 
ඒ කිසිතැනක 
අපේ උන්නැත

දැන් මේනුවර
පෙට්ටිකඩ නැත
පාර ළග හිද 
යාර තේඑක
දෙකට කඩා බිව් 
ඇත්තටම ඒ ආදරේ නැත

මේ හුදකලාවටත්, ඔබටත් මම ආදරෙයි


Popular Landscaping for Engrossing How To Create Fine Art Landscape Photography and landscape photography as art
ගෙවී ගිය එක් වස්සානයක අග දිනක
මම ඇයට සම්මුඛව සිටගතිමි
ඇගේ දෑස් දිලිසෙමින් තිබුණි
හුදකලා නිම්නයේ කෙහේ​ෙදා සිට හමා ආ
සිහින් සුලං රැල්ලක මුසුව
අනවසරවෙන්ම ඇගේ නළලතට පැමිණි
සිහින් වැහි බිදුවක්
හිමින් සීරුවෙ රෑටා යමින්
ඇගේ ඇහි පිහාටු අතර මදක්
ගිමන් හරින්නා සේ රැදී
අතුරුදහන් විය
මම ඒ නිල්වන් දෑස් ගැඹුරේ
කිමිදෙන්නට උත්සහ කෙළෙමි
ඇය නිසලවම
සිහින් සිහනවක්ද සමග
ස්ථීර ලෙස උන්නාය
අපගේ දෙවන හමුවීම නිමා වූයේ එළෙසය.

කාල නිච්චිය කොපමනදැයි නොදැනුනත්
දිනක් හදිසියේම
එ් නිල්වන් දෑස්
මා අභිමුව විය
මම මගේ හෘද සන්තානය
ඇයට නිරාවරණය කරන්නට තීරණය කර
ඇ​ෙග් දැස් ගැඹුරේ කිමිදෙන්නට උත්සහ ​කළෙමි
ඒ දෑස් එදා මෙන්ම
නිසලවම
සිහින් සිහනවක්ද සමග
ස්ථීර ලෙස උන්නාය
මම කිසිත් නොකීමි


අපගේ අවසාන හමුවෙන් පසුව
ආලෝක වර්ෂ කීයක් ගතවී ඇත්දැයි
නොදනිමි.
හදිසියේ හිදහිටක තවමත්
පාලු රාත්‍රියක දෑස් මස්ථකයට පර්දාර වන
ඒ දෑස් පෙර​ ලෙස
නිසලවම ස්ථීර ලෙස උන්නාය
ලැවෙන්දරා සුවදක් රැගෙන
නිම්නයේ හුදකලාව අතරන් ආ
සිහින් සුලං රැල්ලක් 
ඒ ඇස් යළිත් මා ඉදිරියට සම්මුඛ කරවීය.

" මේ හුදකලාවටත්, ඔබටත් මම ආදරෙයි " 

ඒ අදුරු "ජූලියට" ආදරය විතරක් ඕනෑකර තිබේ




නගරයේ තාප්ප කැඩී ඇත. 
සයිකල් පාත්ද වැටී ඇත. ​
පෙට්ට් කඩහැලී අැත.
සීසීටීවී කැමරාද ඇත.
හැමතැනම කැමෆ්ලාජ්ද අැත.
කහ ඉරි , ට්‍රැෆික් ලයිට්  තිතට ඇත.
විහාර මහා දේවියටත් ගාඩ් එකක් ඇත.
ඒ විතරක් නොවෙයි
ඉන්ඩිපෙන්ටන්ට් ආකේඩ්ද ඇත.

ඒ සියල්ලටම වඩා
මේ නුවර මහා හිස්කමක් අැත.

එනුවර තවමත් අස්සක් මුල්ලක් නෑමර
ලේ පිළී ගදය.
දශක ගණනක් තිස්සේ
කෙදිරිලන සහෝදර ප්‍රාණයන්ගේ
අවසන් හුස්මලන හඩ
ඒනුවරට ඉහළ ආකාශයේ සැසරමින්
යුක්තිය පසිදලනු තුරු දෑස් දල්වා සිටී.
ඉතිහාසය ඒ මහා ගනදුර තවමත්
මේ නුවරින් පහව ගොස් නැත.
තවමත් තැන් තැන්වල පිසාචයන්ගේ
කන් පසාරැ කරනා
සහෝදර හදවත් දෙපළු කරනා
හඩවල් එමට ඇත.

ඇත්තටම
එනුවර "අනතුර"
තවම පහව ගොස් නැත.

ඒනුවරට ආදරය විතරක් ඕනෑ කර තිබේ.

ඇත්තටම ආදරයට පමණකි.
කොළඹට, අපට , ලංකාවට , ලෝකයට
විතරක් නොවෙයි ඒ අදුරු "ජූලියට"
ආදරය  විතරක්  ඕනෑකර තිබේ.
නිර්මාල් ඒකනායක
( මේ ග්‍රෑෆක් තථාවේ ඇත්තේ ඒ ආදරයේ හිස්කමයි)

යසෝදරා දැන් ඉතින් සමාවෙලා




යසෝදරා 
දැන් ඉතින් සමාවෙලා 
සදලු තලයෙන් බැස 
එන්න මා එක්ක
රයින් ගං වෙරලේ 
හිරැ බැසයන
නිහඩ කාක නිල් පැහැති
සැදෑවක තනිවෙන්න

මෙතුවක් කල්
දරා සිටි හෘද පීඩන
දුම් ගැසුනු මන්දිරයටම දමා තනිකර එන්න
ඔයා කැමතිම
ලා කහ පාට දුහුලු
බෝරිච්චි කොට ගවුමෙන් සැරසී එන්න

අත් වැල් පටලා
නොගිය මං මාවත් වන අයාලේ ඇවිදින්න යන්න
ජීවිතයට හැම වේලේම
තේරැම් හොයන්නම ඕනේ නෑ
යාසෝදරා

ගැලපීම් නොගැලපීම් ගැන
ජීවිත අරැත් පිළිබද
තේරැම් බේරැම් කරගන්න
කාලයට ඉඩ දෙමු
අහිමු වූ ප්‍රේමාංගනයෙන්
ආතුර වෙමු.
ආදරයට කැමති ලෙස
අයාලේ වැඩෙන්නට
ඩිංගිත්තක් ඉඩදෙමු.

සර්ව රාත්‍රික ප්‍රේමාංගන අතර
සිරැරැ මත සිරැර සැතපෙන්න ඉඩහරිමු යසෝදරා
ජීවිතයේ යටි පෙළ අරැත
පහදන්නට ජීවිතයටම ඉඩදෙමු.