හිස බිමට නමාගෙන
සංසාර කන්ද නැගෙන
හැමදාම හවසට
ආවාම ගුහාවට
හඳ වුනත් ඉන්නේ ඔරෝගෙන
ගෙවීයන හැම නිමේෂය
කන් අගුළු වට්ටන තරම්
තරම් නිහඩය
ගලපන අකුරු වුනත් කවියට
කථාවක් නැතිවටම
එක පෙළට ළගින් හිටගෙන
මහ විසල් කොන්ක්‍රීට් වෘක්ෂයන් අතර
සෙවනැලි අහිමි වූ මිනිසුන්ය
අතරමග හැමතැනදි හමුවන
මොහොතක් උස්සා හිස
මං වාගෙම යළිත් බිමටම නවාගෙන
හාහූවක් නැතිව යන එන
මතක සැමරුම්
ටිකෙන් ටික අලුපාට වන
ඔබත් එකක් ගතකල
අවසන් සන්ධ්‍යාව
පමණි තවමත්
පාට තැවරුණු එකම මතකය