Thursday, July 28, 2011

හෙට අලුත් දවසකි

 

 

 

 

 

සොඳුරිය
නව සඳ එළියෙ කිමිදෙන
රැයක් නොවේ මෙය
මහම මහා දවාලකි
පුරුදු හිරු ම ගිනි රස්නෙ පිඹින

පිරුවට ඇතිරූ
මංගල යහන නොවේ මෙය
පැල්ලම් පිරිණු
කහගැහුණු
චිරිස් බිරිස් ගා හඬ නගන
බොහෝ දෙනෙකු නැගි
කඹල් ඇදකි මෙය

ඔව්,
අපේ ප්‍රේමයට
කුළුඳුල් ඉමක් නොවේ මෙය
මගේ පළමු
ශුක්‍රානුවද නොවේ
ස්ත්‍රී ඩිම්භයක් සොයා යන
කුමට
පිරිශුද්ධත්වයක්
සොයමින් වෙහෙසෙන්නේද
තබමු තිත
ඉදින් අප දෙදෙනවත්

කුමටද
අපට සුද පිරියම්
මොහොත මනරම්නම්

මගේ හදවත් සුසානේ
රැසක් ඇත
මිය ගිය පෙමිවතියන්ගේ
සිහිවටන

ඔබේද එසේ වන්නට පුළුවන

ඔබගේද
මගේද
සිරුරු තෙරපෙන්න ඇති
තවත් බෙහෝ සිරුරු අතර

මේ මොහොත අපේ නම්
ඉඳින් කුමටද තවත්
පිරිශුද්ධත්වයේ
මොහොතක්

සක්ක
නොතබමු අපිවත්
ගරාවිටිය යුතු
මන්දිර පවුරු වලට

ඔබ මගේ
තිස්පස්වැනි පෙම වන්නට පුළුවන
මම ඔබගේ
විසිපස් වැනි පෙම වන්නට පුළුවන
පිරිශුද්ධත්වයේ පරළු සළු
ගලවා ඉවතහල මොහොත
ප්‍රේමයේ
කුළුදුල් මොහොතකි
නිවුම් මොහොතකි

මහ බර පිරිශුද්ධත්වයේ සලු ගලවා තබා
නිරුවත් වෙමු අප දෙදෙන
සන්තර්පණය කරමු
අප සිරුර
සූරතාන්තය පත් කරමු
අපගේ හඩා වැටුනු ප්‍රේමය

සොඳුර
හෙට
අලුත් දවසකි
අපේ දවසකි
ප්‍රේමයේ දවසකි

දෙ'මාවත අතර

 

 

 

 

 

ගලහ පාර තරම්
සෞම්‍ය සොදුරු නැතිවුවාට
වනාතේ සීවලී පාරටත්
හද එලිය ගලනවා

ගලහෙ යන
පෙම්වතුන් තැතිවුනත් මේ පාරේ
වැරහිලි ඇදගත
පොඩි උන් හැම අතම දුවනවා

කවි කතා නොගැයුනත්
දෑස් හැර නොබැලුවත්
ඒ මාවතෙත්
ප්‍රේම පුරාවත් තියෙනවා
ගල්තාර පාදාසයට යටවුවත්
ඇත්තට ඒ පාරේ ආදරේ තියෙනවා

මැයි මල් නැතිවුනත්
මීදුම් සේල නැතිවුනත්
බලා සිටින්නට හැඟුම්බර හන්තාන නැතිවුවත්
මේ අදුරු මාවතෙත් මිනිසුන් සිටිනවා

ඒ වුනත්
ගලහ පාරම රිදුම් දෙන
සීවලි මාවතම ඇදුම්කන
සොහොන් පාලුවවක් නම්
මේ දෙ'මාවතේ තවම රජ කරනවා

Monday, July 11, 2011

ඇය

 
 
 
 
 
 
 
 
ඇය පැහැපත්ය
බුහුටිය
සිනාව සිත්කළුය
ගමන මනරම්ය
ළැම දෙබැම නිතඹ
සිත සිලිත කරවන සුලුය

ඉතිං මම
ඇය අසලටම ගොස්
"ඔයා ලස්සනයි" කීවෙමි

ඇයගේ
දෑස් විසල්විය
සිත් නැලවූ සිනාව
සැනින් පලා ගියේය

ඇය
රැව්වාය
ගෙරෙව්වාය
ඉන්පසු
දිව්වාය

මම
උඹ බැලීමි
බිම බැලීම
ආපසු හැරීමි

ඇය යළිත් ආවාය
තනිව නොව ඇගේ
පෙම්වතා සමග
ඇය ආවය

ඔහු මගේ
උරහිසින් අල්ලා
හෙල්ලීය
ගෙරවීය
ඉන්පසු මූහුණට කෙලීය

දෑන් මගේ
නහය
බිදී සිදී කැඩී
ලේ
මගේ කමිසයට පෙරයි

නැවත් මම ඇය දෙස බැලීමි
ඇත්තටම 
තවමත් ඇය
පැහැපත්ය
බුහුටිය
සිනාව සිත්කළුය
ගමන මනරම්ය
ළැම දෙබැම නිතඹ
සිත සිලිත කරවන සුලුය

කොල්ලෙක් මට හූ කීය
මම ඌට මැදැගිල්ල
උඩට කර පෙන්නීය

විසංවාදී සංවාද




ලෝක වෙළඳ කුළුණේ
35 වැනි මහලේ සිට
කහටගස්දිගිලියේ
නොම්බර 5 ගෙපැලේ සිට
කරයි සංවාදය
ගජ රාමෙට
නැගලා යනවා වැඩේ ගානට

එකෙකුට එකෙක් නොදෙවෙනි
ඉන්න තැන්වලින් අගලක් නෙසෙල්වෙති
ලොකෙන් ගහන කොට
ලැකෑන් ඩෙරිඩා හේගල් උණ්ඩ
දිගිලියෙන් දෙයි
ඩීස් බණ්ඩා ජේආර් මහින්ද පුරන් අප්පු
කොටන තුවක්කු උණ්ඩ
අත්පුඩි විෂිල් ඔට්ටු
සංවාදේ වටකොට

අවසන සැවොම විසිර ගොස්
ඇත නොකියාම

ඒත මොනවද කිව්වේ
කවුද දන්නේ
කාටද ඇහුනේ
දෙගොල්ලොම උන්නේ
හිටි තැන්
ආරස්සා කරගන්න ගේමේ

Thursday, July 7, 2011

වාමවාදී අරගලය සහ ධනවාදී ජීවිතය

 
 
 
 
 
 
 
 
පෑනයි අවියයි,
ඇවිත් එකම මොහොතක
ලියන මේසය මතට
තනි රුල් කොළයි
මූනිස්සම් වැලයි එක්ක

අප්පච්චි අම්මයි,
එකම විට
මගේ මේසේ අභියස
ගෙදර හාල් තුනපහ
ඇබින්දක් නැතිලු
අප්පච්චිට දැන් බරවැඩ හොද නැතිලු
ඩීඑම්ඕ මහත්තය කීවලු
හදවත දැන් හුඟක් දුර්වලලු

නංගි,
දීග දෙන වයස
දෑවැද්ද
පෝරුවට නැගි ජයට මගුල්
කප්පරක් හුරතල් හීන ඇස්
එක් එල්ලේ බලා සිටිනවා
මා දෙස

මලය,
ඌත් දැන් ගජ ඉලන්දාරියෙක්
මටත් වඩා කර දඩු ඉස්සෙච්ච
දායාද ඉල්ලන්න ඇවිත්
උගේ ලොකු අයියා වන
මගෙන්

සයුරි,
ඇවිත් ඇත ඇයද
ජීවිතේ තීරණය ගන්න
මෙතෙක් දෑත් පටලා ගෙන ආ මග
දෙපැති බෙදෙන ඉමට
ඇයද බලා සිටී
මා තෝරන තුරු දිශානතිය

අංශු ඉඩැති
ඉදිකඩු තුඩැති
ජීවිත මුදුනත
එකම සැනින්
එක විටෙක
ජීවිත ඉඩ සොයයි
දායද ඉල්ලයි
හීන පතයි
ලොකු පුතාගෙන්
ලොකු අයියගෙන්
සුපෙමවතගෙන්

ගත යුතුමය
තීරණය
අරගලයද
ජීවිතය
සිහින ප්‍රර්ථනාද
අවියද
පෑනද

නෑතිනම්

නොකිලිටි හෘද සාක්ෂිය
දුප්පත් ජීවිතය නඩත්තුවට
උගස් කරනවාද
හොඳ මිලකට
හෙට

Monday, July 4, 2011

පළමු ගල ගසන්න



 
 
 
 
 
 
 
දකින්න
බලන්න
අහන්න
සිඹින්න
පේන්න
ලියන්න


බෑ
පුන් සඳේ
හැඩරුව

මම
දකින්නේ
බැලෙන්නේ
ඇහෙන්නෙ
සිඹින්නෙ
පේන්නෙ
ලියන්නෙ
ලැබෙන්නේ


මම ඇතුළු
හඳ යට
මිනිස්සුන්ගේ
පිපිරුනු 
හිත් ගැන
මේ අකුරු  දුටු ගමන්

මට
රවන්න
බනින්න
ගහන්න

ඕනෙ නම්
මා
මරන්න
කුණු
බිඳක් නොමැති

අතකින්
පළමු ගල
මට ගසන්න

යේගේෂ්වරී මරියා



































ඔවුහු මගේ පුත්‍රයාට
තුවක්කු බදෙන් පහර දී
ගව තොණ්ඩු ගෙල පළන්දා
ගොල් පෝසයේ එල්ලා
රත්ත රුධිරයෙන්
දෙපා පාමුල
රුධිර වගුරු බිමක් කර
ප්‍රාණය නිරුද්ධ කොට දැමූහ


ඒ අසලින්ම
ආනන්ද
සර්පයා දැක
නොදක
නාග විහාරය වැඩීය

මළ පුතුන් ගේ දේහය
පාමුළවත් බිම් කඩද
අහිමි මරියා
හෙලු කදුළු කදුළු
රලු පොලෝ ගැබ
තෙත් කළා නොව
යළිත් දෑස් කෙමි පතුළ පිරවූහ

අවනීතය - අසාධාරණව - අයුක්තිය
තුන් බිය
උට්ඨානයේ අහස පවා
පුතුන්ට අහිම කලහ

එදා
කල්වාරියේ දී
පුතු දේහය
සිදුරු කළ
ඇණ දියකර
ඔවුහු
මෙදා
ගව තොන්ඩු
ටී - 56 තනා
යළිත් රක්ත රුධිරය
පොළොව මත
හෙලා
ඒ මතට කෙළ ගසා
යළිත් පුතුගේ
ප්‍රාණය සිදූහ